මම ගැන

5/28/2011

හිතට වැදුනු හිතෙ රැදුන යාළුකම තාමත් ඒ විදියටමයි

මම දවස ගෙවන විදිය වෙනස් වෙලා වුනත්
අපි එකතු වුනාම කාලෙ ගෙවන්නෙ තාමත් විදියටමයි
මම ආශ්‍රය කරන මිනිස්සු වෙනස් වෙලා වුනත්
මගෙ යළුවන්ගෙ ආශ්‍රය තාමත් විදියටමයි
මම කරන කියන දේවල් වෙනස් වෙලා වුනත්
යාළුවො එකතු වුණාම වැඩ කරන්නෙ තාමත් විදියටමයි
මගේ මුළු ජීවිතයම වෙනස් වෙලා වුනත්
අපේ හිතට වැදුනු හිතෙ රැදුන යාළුකම තාමත් විදියටමයි

කාලෙකට පස්සෙ මගෙ හොඳ යලුවො ටිකක් එකතු වුණා. සමහරු නම් අවුරුදු එක හමාරකටත් වැඩි කාලයකට පස්සෙ. හරියටම කිවුවොත් 2009 අගෝස්තු 27න් පස්සෙ මුන ගැහුනෙ අද. ඒත් අපි හැමෝටම එකතු වෙන්න වුනෙ නම් නෑ. මොකද දැන් අපෙ අයට campus වල වැඩ jobs වල වැඩ එක්ක ගැටෙන්න වෙලානෙ. සමහර අය නම් ඔය අවුරුදු එක හමාරටම තාමත් මුන ගැහුනෙ නෑ.  ලබන අවුරුද්ද දිහාට නම් අපෙ අයට ආයෙත් එකතු වෙන්න විශේෂ හේතුවක් තියෙවි කියල හිතෙනවා. කොහොම වුනත් කට්ට්ය එකතු වුනාම නම් තාමත් අපි ඉස්කෝලෙ යන ළමයි වගේම නේද කියල හිතුණා.
කාලෙකට පස්සෙ හිතෙ හැටියට හිනා වෙල කෑගහල සතුටු වුණා. අපි හැමෝටම එකතු වෙන්න තිබුනනම් ආයෙත් ඉස්සර වගේම, ඒ සතුට කොච්චරක් වෙයිද කියලා මට නම් හිතා ගන්නවත් අමාරුයි.
ඒ කාලෙ අපි ගොඩාක් සැහැල්ලුවෙන් හිටියෙ කියල දැනෙන්නෙ දැන් තමයි. හැමදාමත් ඒ විදියටම ඉන්න පුලුවන් නම්, අදටත් නොවෙනස්ව තියෙන ඒ හැමෝගෙම ආදරයත් එක්කම.
කොහොම වුණත් අපි දුක සතුට 2ම විඳ දරා ගන්න පුරුදු වෙන්න ඕනෙ. දුක කියන්නෙ මොකද්ද කියල දැනගෙනම ජීවිතෙට මුණ දෙන්න පුළුවන් වෙන්න මඟ හදල දුන්න නිසාම මම campus ආව එක ගැන දුක් නොවී ඉන්න හිතුවා.
ඇත්තටම කිවුවොත් සතුට අපෙ ජීවිතයෙ තියෙනව කියල දැනෙන්නත් දුක ජීවිතයට එන්න ඕනෙ.

1 comment:

  1. ඒ යාළුකම තාමත් ඒ විදියමයි...

    ReplyDelete