මම ගැන

5/20/2011

...:::මග පෙන්වීම:::...

ලෝකය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්, ඒ මත තියෙන දෙවල් අපි එකින් එක ඉගෙනගෙන අත්දැකීමෙන් යොද ගන්න හදනකොට, තවත් බොහෝ දේ ඒ මතට එකතු වෙල අපි යොදාගන්න ඕනෙ ක්‍රමෝපායන් වෙනස් වෙනවා තත්පරෙන් තත්පරය.

අපි කොහෙන් කොහොම මොනව ඉගෙන ගන්න ගියත් ඒ හැමතනින්ම අපිට ලබෙන්නෙ මග පෙන්වීමක් විතරයි.


බෝට්ටුවක් එක්ක හබලක් දිලා මෙහෙම පැදපන් කිවුවාම හරි විදියට හබල් ගහල ඉලක්කෙට යන්න පුලුවන් කෙනා ජීවිතය දිනනවා. හරි පාර තෝරගෙන යන්න පුලුවන් කෙනාට බෝට්ටුව හොඳ ද නරක ද කියන එක වැදගත් වෙන්නෙ නෑ. මොකද එයාට වුවමනාව තියෙනව එයගෙ ඉලක්කය සපුර ගන්න.

ඒ නිසා ගුරා දුන්න අබලන් බෝට්ටුව පිලිසකර කරගෙන හරි ගඟ තරණය කරල එයගෙ ඉලක්කය සපුර ගෙන ජීවිතය එළිය කර ගන්න උත්සහවන්ත නුවනැති ගෝලයෙකුට පුළුවන්.

No comments:

Post a Comment