මම ගැන

12/09/2011

Freecorder ගැන කතා කරමුද?

Freecorder කියන්නෙ internet use කරල videos බලන ඒවා save කර ගන්න එහෙමත් නැත්තම් ඒවා download කර ගන්න මහන්සි වෙන අයට හොඳ free software 1ක්. Online ඔයාල බලන video එකක් හරි audio එකක් හරි ඒ වෙලවෙම ඔයාලගෙ PC එකට save කරගන්න පුලුවන් කමක් මේ software එකට තියෙනවා. ඒ නිසා video download කර ගන්න වෙනම කාලයක් යොදවන්න ඕනෙ නෑ. ඔයාල online බලපු video එක අයෙමත් බලන්න ඔනෙ නම් පහතින් පෙන්නලා තියෙන විදියට තියෙන Freecorder interface එකෙන් play button 1 click කරන්න. Save කර ගන්න නම් save button 1 click කරන්න. ඊට පස්සෙ audio හරි video හරි විදියට save කර ගන්න.




මේ window එක ගන්න පුලුවන් ඔයල Freecorder instal කලාම ඔයලගෙ browser එකෙ මේ විදියට එන tool bar එකෙ ලකුණු කරලා තියෙන සේයා පටයක සලකුණ click කලාම (Video History Tool - Save recently played videoa to your PC).  Windows වලට support කරන මේ software එක IE browser එකෙ view වුනාට Firefox වල play කරන video 1ක් වුනත් save කරගන්න බව අත්දැකීමෙන්ම කියන්න පුළුවන්.


100% ක්ම free softaware 1ක් වෙන මේක Freecorder කියල Google search කලාම download කරගන්න links හොයා ගන්න පුලුවන්.

12/05/2011

හිරු සඳු අතරේ....

සඳෙන් මෙන් නොලැබෙන්නෙ සිහිලස දහවලට
මොල කරවෙලා වගෙ හිරු දුන් ඒ උණුසුමට
ගලා එයි සිතිවිලි හදට හිරු හැරදා යන්ට
යන්නට කලින් මේ ගැන තව හිතලා ඉන්ට

මුහුදට එක මාලුවෙකු පමණක් නොසිටියට
අහසට ඇත්තෙ එකම එක සඳකි රෑ ඝනඳුරට
සැනසුම දැනෙනමුත් රෑ සඳ එළියේ සීතලට
අමාවක දිනේ නෑ සඳ අහසෙ තනි රකින්නට

ඇත්තෙ එක ඉරයි මුළු ග්‍රහ මඩුල්ලට
දෙන්නෙත් එය තමයි දිස්නය පුර හඳට
රෑ හඳ නිසා පිටුපා ගියොතින් දහවල හිරුට
ඝනඳුර පැතිරේවි ලොවටම රෑ දහවල දෙකට