මම ගැන

12/05/2011

හිරු සඳු අතරේ....

සඳෙන් මෙන් නොලැබෙන්නෙ සිහිලස දහවලට
මොල කරවෙලා වගෙ හිරු දුන් ඒ උණුසුමට
ගලා එයි සිතිවිලි හදට හිරු හැරදා යන්ට
යන්නට කලින් මේ ගැන තව හිතලා ඉන්ට

මුහුදට එක මාලුවෙකු පමණක් නොසිටියට
අහසට ඇත්තෙ එකම එක සඳකි රෑ ඝනඳුරට
සැනසුම දැනෙනමුත් රෑ සඳ එළියේ සීතලට
අමාවක දිනේ නෑ සඳ අහසෙ තනි රකින්නට

ඇත්තෙ එක ඉරයි මුළු ග්‍රහ මඩුල්ලට
දෙන්නෙත් එය තමයි දිස්නය පුර හඳට
රෑ හඳ නිසා පිටුපා ගියොතින් දහවල හිරුට
ඝනඳුර පැතිරේවි ලොවටම රෑ දහවල දෙකට

No comments:

Post a Comment