මම ගැන

5/18/2011

කිතුනු අපෙන් කෝපි දන්සැලක්

මේ බ්ලොග් පෝස්ට් 1 ලියන්න මුල් වූ හේතුව ගැන කතා කරමුකෝ. මේ පාර වෙසක් එකට අපි නුවර ගියා දළදා වඳින්න. රත්නපුරෙ ඉදන් අවිස්සවෙල්ලට යන අතර ටික දුරට අපිට දන්සැල් 30ක් 40ක් දකින්න ලැබුණා. 90%කටත් වඩා තිබුන බත් දන්සැල් අතර මගේ හිත ඈතට, කියන්නෙ මගෙ ඉස්කොලෙ කාලෙට ගෙනියන්න 1 දන්සැලක තිබුන බැනර් 1කට පුලුවන් වුණා. "කිතුනු අපෙන් කෝපි දන්සැලක්". 2600 සම්බුද්ධත්ව ජයන්තිය මුළු රටම 1 විදියට සමරද්දි එයලගෙ දායකත්වයත් දෙන්න ඕනෙ කියල එයාලට හිතෙන්න ඇති.
මට මේකත් එක්ක මතක් වුණෙ අපි ඉස්කොලෙ 8 වසරෙ ඉන්න කලෙ තිබුණ ශීල ව්‍යාපරයක්. අපෙ පන්තියෙ තමයි මුස්ලිම් හා ක්‍රිස්තියනි යාලුවෝ ටිකත් හිටියේ. එදා දවස එයල හරිම නිදහසෙ ඉන්න තිබුන දවසක්, ඉස්කොලෙ උගන්වන්නෙත් නෑනෙ. අපිත් එක්ක හිටිය එයලට එදා හිතුව තරම් නිදහසක් තිබුනෙ නෑ. අපෙ ශීල ව්‍යාපරයත් එක්ක. සිල් ඇත්තන්ට දන් පිලිගන්වන එක වගේ දේවල් එයාල කලේ බොහොම සතුටින්.
මේ හැමදෙයකටම වඩා වැදගත් සිද්ධිය තමයි අපිත් එක්ක සිල් ගන්න එදා මුස්ලිම් යලුවෙකුත් එකතු වෙල හිටිය එක. එයා එදා දවසම අපි වගෙම බෞද්ධයෙක් ව්දියට බන අහුවා, සිල් රැක්කා. සිද්ධිය  මගෙ හිතට මෙච්චරටම කාවැදිලා තිබුන බව මට තේරුනෙ මේ දන්සැල නිසා.
කොහොම වුනත් ඉස්කොලෙදි අපිට මේ වගෙ දේවල් හරිම සුලබයි. පිරිත් පිංකමක් තිබුනත් ආගම මොකක්ද කියල බලන්නෙ නැතුව අපි හමෝම නිදිමරාගෙන පිරිත් ඇහුවා. නත්තලට හැමෝම එකතු වෙලා උත්සව තිබ්බා. මුස්ලිම් උත්සවත් අපි හැමෝම එකතු වෙල සැමරුවා. හින්දු උත්සව වලට මුළු ඉස්කොලෙටම අයට සහභාගී වෙන්න තිබුන අවස්ථාව ට්කක් අඩුයි. මොකද ප්‍රාථමික අංශයෙ ව්තරයි හින්දු ආගම අදහන ළමයි හිටියෙ. ඒ කොහොම වුනත් ඒ හැම අවස්ථාවකටම කොහොම හරි සම්බන්ධ වෙන්න අපි වාසනවන්ත වුණා කියල කියන්නෙ හරිම සන්තෝසයෙන්.

No comments:

Post a Comment