මම ගැන

5/18/2011

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිලිවෙතින් පෙල ගැසුනු අපෙ සිංහල බෞද්ධයෝ

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිසාම මෙවර වෙසක් උත්සවය ලංකාව පුරාම වෙනදටත් වඩා අගේට සමරන්න අපෙ අය වැඩ කටයුතු හදාගෙන තිබුණා. වෙනදට පොසොන් උත්සවය වෙනුවෙන් සංවිධානය වුණු රත්නපුරෙත් මෙවර වෙසක් උත්සවෙ වෙනුවෙන් බොහො පිංකම් සංවිධානය කරල තිබුණා. අතරට දන්සැල්, බැති ගී ගායනා එකතු වෙල තිබුන වගේම මුළු නගරයම බෞද්ධ කොඩි වැල්, වෙසක් කූඩු හා විදුලි බුබුලු වලින් එක ව්දියට ලස්සන වෙල තිබුණා. රෑ බෝ වෙල ගෙදර ආපු අපිට ලස්සන හොදහැටි දැක බලා ගන්න පුලුවන් වුණා.
2600 සම්බුද්ධත්ව ජයන්තියට අන්‍ය ආගමිකයොත් සහ සම්බන්ධ වෙල  වැඩ කල හැටි මට දැනුන විදිය මගෙ බ්ලොග් පොස්ට් 1කින්(කිතුනු අපෙන් කෝපි දන්සැලක්-Thoughts) මම කිවුවනේ.  ඒ වගෙ වෙලවක බෞද්ධයො වෙච්ච අපි වෙනුවෙන් අර්ථාන්විත දෙයක් නොකර ඉන්න එක, අඩුම ගානේ හරි ව්දියට හැසිරෙන එකවත් නොකරන එක එච්චරම හොඳ දෙයක් වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිලිවෙතින් පෙල ගැසෙන අපෙ සිංහල බෞද්ධයෝ අරක්කු සිගරට් එක්ක මෙවර වෙසක් උත්සවය සමරනවා කියන එක දකින්න විදින්න වුනු එක ඇත්තටම දුකක්.
බොහො දෙනා හරිම ආසාවෙන් එකතු වෙලා පිං කැමැත්තෙන් දන්සැල් දෙනකොට, කූඩු හදල තොරණ් බැදල මුලු රටම එකම වෙසක් සැණකෙලියක් කරන්න උත්සහ කරනකොට 1ක් 2ක් වගෙ සුළු පිරිසක් මෙහෙම හැසිරෙන බව ගනන් ගන්න ඔනෙ නෑ කියල හිතෙන්නත් පුලුවන්. වුනත් සුදු පාටට ඇදල පන්සලෙ මිදුලටම ඇවිල්ල මලක් පහනක් පූජ කරන එක වෙනුවට පන්සල් බිමේ නවත්තල තියෙන වාහනෙ ඉදන් සිගරට් 1ක් උරන්න පටන් ගත්ත අපෙ සිංහලයෙක් ගැන මට අති වුනේ මහ අප්‍රසන්න හැගීමක්.
කොහොම වුනත් අපෙ සිංහල බෞද්ධයො මෙවර වෙසක් මංගල්‍ය මහ ඉහලින් සැමරුව කියන එක නම් බොරුවක් නෙවෙයි. පන්සල් වල එක රැස් වුනු සිල් ඇත්තොයි, පාරවල් වල දන්සැල් දුන්න වගෙම ගෙවල් දොරවල් මගතොට වෙසක් අසිරියෙන් කල එලි කල පිං ඇත්තොයි අසිරිය විඳින්න දකින්න ගිය සිත් ඇත්තොයි ඒකට සාක්ෂි දරනවා ඇති.

No comments:

Post a Comment