මම ගැන

5/28/2011

හිතට වැදුනු හිතෙ රැදුන යාළුකම තාමත් ඒ විදියටමයි

මම දවස ගෙවන විදිය වෙනස් වෙලා වුනත්
අපි එකතු වුනාම කාලෙ ගෙවන්නෙ තාමත් ඒ විදියටමයි
මම ආශ්‍රය කරන මිනිස්සු වෙනස් වෙලා වුනත්
මගෙ යළුවන්ගෙ ආශ්‍රය තාමත් ඒ විදියටමයි
මම කරන කියන දේවල් වෙනස් වෙලා වුනත්
යාළුවො එකතු වුණාම වැඩ කරන්නෙ තාමත් ඒ විදියටමයි
මගේ මුළු ජීවිතයම වෙනස් වෙලා වුනත්
අපේ හිතට වැදුනු හිතෙ රැදුන යාළුකම තාමත් ඒ විදියටමයි

කාලෙකට පස්සෙ මගෙ හොඳ යලුවො ටිකක් එකතු වුණා. සමහරු නම් අවුරුදු එක හමාරකටත් වැඩි කාලයකට පස්සෙ. හරියටම කිවුවොත් 2009 අගෝස්තු 27න් පස්සෙ මුන ගැහුනෙ අද. ඒත් අපි හැමෝටම එකතු වෙන්න වුනෙ නම් නෑ. මොකද දැන් අපෙ අයට campus වල වැඩ jobs වල වැඩ එක්ක ගැටෙන්න වෙලානෙ. සමහර අය නම් ඔය අවුරුදු එක හමාරටම තාමත් මුන ගැහුනෙ නෑ.  ලබන අවුරුද්ද දිහාට නම් අපෙ අයට ආයෙත් එකතු වෙන්න විශේෂ හේතුවක් තියෙවි කියල හිතෙනවා. කොහොම වුනත් කට්ට්ය එකතු වුනාම නම් තාමත් අපි ඉස්කෝලෙ යන ළමයි වගේම නේද කියල හිතුණා.
කාලෙකට පස්සෙ හිතෙ හැටියට හිනා වෙල කෑගහල සතුටු වුණා. අපි හැමෝටම එකතු වෙන්න තිබුනනම් ආයෙත් ඉස්සර වගේම, ඒ සතුට කොච්චරක් වෙයිද කියලා මට නම් හිතා ගන්නවත් අමාරුයි.
ඒ කාලෙ අපි ගොඩාක් සැහැල්ලුවෙන් හිටියෙ කියල දැනෙන්නෙ දැන් තමයි. හැමදාමත් ඒ විදියටම ඉන්න පුලුවන් නම්, අදටත් නොවෙනස්ව තියෙන ඒ හැමෝගෙම ආදරයත් එක්කම.
කොහොම වුණත් අපි දුක සතුට 2ම විඳ දරා ගන්න පුරුදු වෙන්න ඕනෙ. දුක කියන්නෙ මොකද්ද කියල දැනගෙනම ජීවිතෙට මුණ දෙන්න පුළුවන් වෙන්න මඟ හදල දුන්න නිසාම මම campus ආව එක ගැන දුක් නොවී ඉන්න හිතුවා.
ඇත්තටම කිවුවොත් සතුට අපෙ ජීවිතයෙ තියෙනව කියල දැනෙන්නත් දුක ජීවිතයට එන්න ඕනෙ.

5/26/2011

අරක්කු සිගරට් සහ (නො)මිනිස්සු

අද මම මේ බ්ලොග් පොස්ට් 1 ලියන්නේ බොහොම කලකිරීමකින් කිව්වොත් හරි.

කවුරු කොහොම මොනවා කිව්වත් අරක්කු සිගරට් කියන්නෙ මිනිහෙකුගෙ කොන්ද කඩලා දාන්න පුලුවන් දෙයක් විදිහට තමයි මම නම් දකින්නෙ. කෙලින් හිටගන්න බැරි තරමට බීලා අනෙක් මිනිස්සුන්ට විහිළුවක් වෙන්න කැමති අයට, ඒ වගේම තව මිනිහෙකුට ලඟට එන්න බැරි තරමට අප්‍රසන්නව ඉන්න කැමති කෙනෙකුට නම් අරක්කු සිගරට් බොහොම හොඳ දෙයක්. මොකද ඉතින් අරක්කු බීලා කෙලින් හිට ගන්න බැරුව අමනුස්ස වෙස් ගන්න කෙනෙකු ගාවට හරි අරක්කු සිගරට් බීලා මත් වෙල ගඳ ගහන මිනිහෙකු ගාවට හරි කිට්ටු වෙන්න සිහි කල්පනව ඇතුව ඉන්න මනුස්සයෙක් කැමති වෙන්නෙ නෑනෙ.
දැන් කාලෙ ලංකාවෙ මිනිස්සුන්ට මොන වෙලාද කියල හිතෙනවා. මහා උජාරුවට 2600 සම්බුද්ධත්ව ජයන්තිය නම් අපි සැමරුවා. පිලිවෙතින් සැරසිලා පන්සල් වත්තෙදිවත් පන්සිල් පද 5 රැකගෙන ඉන්න බැරි බෞද්ධයො එක්ක මොන සම්බුද්ධත්ව ජයන්ති ද කියල හිතෙනවා. ඒ ගැන මම බ්ලොග් පොස්ට් 1කුත් ලිව්වා (2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිලිවෙතින් පෙල ගැසුනු අපෙ සිංහල බෞද්ධයෝ -Thoughts).
මරණෙකදි මඟුලකදි දුක සතුට සමරන්න විතරක් නෙවෙ දානයක් බනක් පිරිතක් තිබුණත් අරක්කු සිගරට් වලට ලැබෙන තැන නම් වැඩි වෙලා. දානයකදි බනකදි පිරිතකදි වෙරි වෙන්න බොන්නෙ පින් කරගත්ත සතුට සමරන්නද කරගත්ත පින නැති කරගන්නද කියල දන්නෙ බීල වෙරි වෙන මිනිස්සුන්ම තමයි. ඇත්තටම දුක සතුට සමරන්න අරක්කු ඕනෙමද? එතකොට ලංකාවෙ බොහොමයක් කාන්තවෝ ඉන්නෙ දුකක් සතුටක් නොදැනෙන තත්වයකද? මොකද ලාංකික කාන්තාවෝ බොහෝ දෙනෙක් මතට ලොල් වෙලා නෑනෙ.
දුකක් විඳගන්න බැරුව නැත්තම් සතුටක් සමරන්න අපෙ රටේ මිනිස්සු අරක්කු බොනවා. සමහරු නම් කියන්නේ මෙහෙම දවසකට විතරයි ටිකක් බොන්නේ කියලා. ඒ විදියට ගෙදර අම්මා, බිරිඳ, අක්කා, නංගි එහෙමත් නැත්නම් පෙම්වතියත් කලොත් ඒක සධාචාරයට පටහැනි කියන්න, අපෝ ඔය ගෑනි නම් අරක්කුත් බොනවා කියන්න ඕනි තරම් මිනිස්සු ඉන්නවා. ඒ වුනත් අරක්කු බීලා පිස්සු නට නට අනෙක් මිනිස්සුන්ට විහිලුවක් වෙන, ඒ අයට කරදරයක්; හරියටම කිව්වොත් අප්පිරියාවක් වෙන මිනිස්සුන්ට විරුද්ධව වචනයක් කතා කරන්න කවුරුත් නෑ.
මම අරක්කු සිගරට් බොන මිනිස්සු ගැන වෛරයකින් ඉන්නෙ කියල ඔයාලට හිතෙයි. සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්. කොහොම වුනත් මට බොන මිනිස්සු ගැන තියෙන්නෙ මහ අප්‍රසන්න හැඟීමක් වගේම ඒ අයට කොන්ද කෙලින් තියන් වැඩක් කරන්න බෑ කියන ආකල්පය මගෙ හිතේ හොඳටම කා වැදිල තියෙනවා.  මගෙ ගෙදරට අරක්කු සිගරට් නුහුරු වීම ගැන මම හරිම ආඩම්බරයෙන් ඉන්න නිසා, මගේ තාත්තට සාපේක්ෂව මම අනෙක් මිනිස්සු දිහා බලන නිසා ඒ වගෙ ආකල්පයක් මගෙ හිතෙ තියනවද කියන්නත් මම හරියටම  දන්නෙ නෑ.