මම ගැන

Showing posts with label Thoughts. Show all posts
Showing posts with label Thoughts. Show all posts

7/31/2012

සඵල වූ සිහිනය - වෙන්වීම

පාසලෙ සිට තිබුණ සිහිනයකි සරසවිය
වුණ සතුට අපමණය එය සැබෑ වූ ඒ දිනය
සිහින තව එක්වුණා නංවන්න ජීවිතය
රැකියාව එහි එකය පිළිගන්න සමාජය

ඊ හිසක වේගයෙන්  ගෙවී ගොස් කාලයත්
හදවතේ රඳවමින් සොඳුරු වු මතකයත්
හමුවීම ළඟින් එන වෙන්වීමෙ කඩ ඉමත්
ලං වෙලා සරසවියෙ සිවු වසක නිමාවත්

ආ දිනේ සිට දින ගැන්නමුත් ආපසු යන්න
මේ තරම් ඉක්මනින් සිතුවෙ නෑ හැර යන්න
සති මාස ගතවෙලා නොසිතු ලෙස කිසිම දින
නොදැනීම ළංවෙලා හැරයන්න ඕන දින

දුක දැනෙනමුත් හිතට කඳුළු කැට සිර කරන්
හැම සිතට සතුට දෙන සිනා කැන් පෙන්වමින්
සිතේ සිර කරන් සිටි සිහින කල එළි කරන්
පිටව යමු හෙට දිනේ සරසවියේ උණුහුමෙන්

සුභ සිහින සඵල වී පිරෙත්වා හිත් තුටින්
මුවඟ හසරැල්ල නොමැකේවා කිසි ලෙසින්
මිතුරුදම් රැඳේවා කවදටත් අදම මෙන්
සමුගන්න පෙර පතමි ඔබට ආයුබෝවන්!!!

1/21/2012

If I Can Say No for Xamzzzzzz


Stress, go with tension
Find a far location
And have a good vacation 
For a long duration 
With no sensation
As I don’t want to mention 
Even your attention 
In this rush occasion
Time isn’t for temptation
Coz no more time for allocation
It's reserve for examination

12/05/2011

හිරු සඳු අතරේ....

සඳෙන් මෙන් නොලැබෙන්නෙ සිහිලස දහවලට
මොල කරවෙලා වගෙ හිරු දුන් ඒ උණුසුමට
ගලා එයි සිතිවිලි හදට හිරු හැරදා යන්ට
යන්නට කලින් මේ ගැන තව හිතලා ඉන්ට

මුහුදට එක මාලුවෙකු පමණක් නොසිටියට
අහසට ඇත්තෙ එකම එක සඳකි රෑ ඝනඳුරට
සැනසුම දැනෙනමුත් රෑ සඳ එළියේ සීතලට
අමාවක දිනේ නෑ සඳ අහසෙ තනි රකින්නට

ඇත්තෙ එක ඉරයි මුළු ග්‍රහ මඩුල්ලට
දෙන්නෙත් එය තමයි දිස්නය පුර හඳට
රෑ හඳ නිසා පිටුපා ගියොතින් දහවල හිරුට
ඝනඳුර පැතිරේවි ලොවටම රෑ දහවල දෙකට

5/28/2011

හිතට වැදුනු හිතෙ රැදුන යාළුකම තාමත් ඒ විදියටමයි

මම දවස ගෙවන විදිය වෙනස් වෙලා වුනත්
අපි එකතු වුනාම කාලෙ ගෙවන්නෙ තාමත් විදියටමයි
මම ආශ්‍රය කරන මිනිස්සු වෙනස් වෙලා වුනත්
මගෙ යළුවන්ගෙ ආශ්‍රය තාමත් විදියටමයි
මම කරන කියන දේවල් වෙනස් වෙලා වුනත්
යාළුවො එකතු වුණාම වැඩ කරන්නෙ තාමත් විදියටමයි
මගේ මුළු ජීවිතයම වෙනස් වෙලා වුනත්
අපේ හිතට වැදුනු හිතෙ රැදුන යාළුකම තාමත් විදියටමයි

කාලෙකට පස්සෙ මගෙ හොඳ යලුවො ටිකක් එකතු වුණා. සමහරු නම් අවුරුදු එක හමාරකටත් වැඩි කාලයකට පස්සෙ. හරියටම කිවුවොත් 2009 අගෝස්තු 27න් පස්සෙ මුන ගැහුනෙ අද. ඒත් අපි හැමෝටම එකතු වෙන්න වුනෙ නම් නෑ. මොකද දැන් අපෙ අයට campus වල වැඩ jobs වල වැඩ එක්ක ගැටෙන්න වෙලානෙ. සමහර අය නම් ඔය අවුරුදු එක හමාරටම තාමත් මුන ගැහුනෙ නෑ.  ලබන අවුරුද්ද දිහාට නම් අපෙ අයට ආයෙත් එකතු වෙන්න විශේෂ හේතුවක් තියෙවි කියල හිතෙනවා. කොහොම වුනත් කට්ට්ය එකතු වුනාම නම් තාමත් අපි ඉස්කෝලෙ යන ළමයි වගේම නේද කියල හිතුණා.
කාලෙකට පස්සෙ හිතෙ හැටියට හිනා වෙල කෑගහල සතුටු වුණා. අපි හැමෝටම එකතු වෙන්න තිබුනනම් ආයෙත් ඉස්සර වගේම, ඒ සතුට කොච්චරක් වෙයිද කියලා මට නම් හිතා ගන්නවත් අමාරුයි.
ඒ කාලෙ අපි ගොඩාක් සැහැල්ලුවෙන් හිටියෙ කියල දැනෙන්නෙ දැන් තමයි. හැමදාමත් ඒ විදියටම ඉන්න පුලුවන් නම්, අදටත් නොවෙනස්ව තියෙන ඒ හැමෝගෙම ආදරයත් එක්කම.
කොහොම වුණත් අපි දුක සතුට 2ම විඳ දරා ගන්න පුරුදු වෙන්න ඕනෙ. දුක කියන්නෙ මොකද්ද කියල දැනගෙනම ජීවිතෙට මුණ දෙන්න පුළුවන් වෙන්න මඟ හදල දුන්න නිසාම මම campus ආව එක ගැන දුක් නොවී ඉන්න හිතුවා.
ඇත්තටම කිවුවොත් සතුට අපෙ ජීවිතයෙ තියෙනව කියල දැනෙන්නත් දුක ජීවිතයට එන්න ඕනෙ.

5/26/2011

අරක්කු සිගරට් සහ (නො)මිනිස්සු

අද මම මේ බ්ලොග් පොස්ට් 1 ලියන්නේ බොහොම කලකිරීමකින් කිව්වොත් හරි.

කවුරු කොහොම මොනවා කිව්වත් අරක්කු සිගරට් කියන්නෙ මිනිහෙකුගෙ කොන්ද කඩලා දාන්න පුලුවන් දෙයක් විදිහට තමයි මම නම් දකින්නෙ. කෙලින් හිටගන්න බැරි තරමට බීලා අනෙක් මිනිස්සුන්ට විහිළුවක් වෙන්න කැමති අයට, ඒ වගේම තව මිනිහෙකුට ලඟට එන්න බැරි තරමට අප්‍රසන්නව ඉන්න කැමති කෙනෙකුට නම් අරක්කු සිගරට් බොහොම හොඳ දෙයක්. මොකද ඉතින් අරක්කු බීලා කෙලින් හිට ගන්න බැරුව අමනුස්ස වෙස් ගන්න කෙනෙකු ගාවට හරි අරක්කු සිගරට් බීලා මත් වෙල ගඳ ගහන මිනිහෙකු ගාවට හරි කිට්ටු වෙන්න සිහි කල්පනව ඇතුව ඉන්න මනුස්සයෙක් කැමති වෙන්නෙ නෑනෙ.
දැන් කාලෙ ලංකාවෙ මිනිස්සුන්ට මොන වෙලාද කියල හිතෙනවා. මහා උජාරුවට 2600 සම්බුද්ධත්ව ජයන්තිය නම් අපි සැමරුවා. පිලිවෙතින් සැරසිලා පන්සල් වත්තෙදිවත් පන්සිල් පද 5 රැකගෙන ඉන්න බැරි බෞද්ධයො එක්ක මොන සම්බුද්ධත්ව ජයන්ති කියල හිතෙනවා. ගැන මම බ්ලොග් පොස්ට් 1කුත් ලිව්වා (2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිලිවෙතින් පෙල ගැසුනු අපෙ සිංහල බෞද්ධයෝ -Thoughts).
මරණෙකදි මඟුලකදි දුක සතුට සමරන්න විතරක් නෙවෙ දානයක් බනක් පිරිතක් තිබුණත් අරක්කු සිගරට් වලට ලැබෙන තැන නම් වැඩි වෙලා. දානයකදි බනකදි පිරිතකදි වෙරි වෙන්න බොන්නෙ පින් කරගත්ත සතුට සමරන්නද කරගත්ත පින නැති කරගන්නද කියල දන්නෙ බීල වෙරි වෙන මිනිස්සුන්ම තමයි. ඇත්තටම දුක සතුට සමරන්න අරක්කු ඕනෙමද? එතකොට ලංකාවෙ බොහොමයක් කාන්තවෝ ඉන්නෙ දුකක් සතුටක් නොදැනෙන තත්වයකද? මොකද ලාංකික කාන්තාවෝ බොහෝ දෙනෙක් මතට ලොල් වෙලා නෑනෙ.
දුකක් විඳගන්න බැරුව නැත්තම් සතුටක් සමරන්න අපෙ රටේ මිනිස්සු අරක්කු බොනවා. සමහරු නම් කියන්නේ මෙහෙම දවසකට විතරයි ටිකක් බොන්නේ කියලා. විදියට ගෙදර අම්මා, බිරිඳ, අක්කා, නංගි එහෙමත් නැත්නම් පෙම්වතියත් කලොත් ඒක සධාචාරයට පටහැනි කියන්න, අපෝ ඔය ගෑනි නම් අරක්කුත් බොනවා කියන්න ඕනි තරම් මිනිස්සු ඉන්නවා. වුනත් අරක්කු බීලා පිස්සු නට නට අනෙක් මිනිස්සුන්ට විහිලුවක් වෙන, අයට කරදරයක්; හරියටම කිව්වොත් අප්පිරියාවක් වෙන මිනිස්සුන්ට විරුද්ධව වචනයක් කතා කරන්න කවුරුත් නෑ.
මම අරක්කු සිගරට් බොන මිනිස්සු ගැන වෛරයකින් ඉන්නෙ කියල ඔයාලට හිතෙයි. සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්. කොහොම වුනත් මට බොන මිනිස්සු ගැන තියෙන්නෙ මහ අප්‍රසන්න හැඟීමක් වගේම අයට කොන්ද කෙලින් තියන් වැඩක් කරන්න බෑ කියන ආකල්පය මගෙ හිතේ හොඳටම කා වැදිල තියෙනවා.  මගෙ ගෙදරට අරක්කු සිගරට් නුහුරු වීම ගැන මම හරිම ආඩම්බරයෙන් ඉන්න නිසා, මගේ තාත්තට සාපේක්ෂව මම අනෙක් මිනිස්සු දිහා බලන නිසා ඒ වගෙ ආකල්පයක් මගෙ හිතෙ තියනවද කියන්නත් මම හරියටම  දන්නෙ නෑ.

5/20/2011

...:::මග පෙන්වීම:::...

ලෝකය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්, ඒ මත තියෙන දෙවල් අපි එකින් එක ඉගෙනගෙන අත්දැකීමෙන් යොද ගන්න හදනකොට, තවත් බොහෝ දේ ඒ මතට එකතු වෙල අපි යොදාගන්න ඕනෙ ක්‍රමෝපායන් වෙනස් වෙනවා තත්පරෙන් තත්පරය.

අපි කොහෙන් කොහොම මොනව ඉගෙන ගන්න ගියත් ඒ හැමතනින්ම අපිට ලබෙන්නෙ මග පෙන්වීමක් විතරයි.


බෝට්ටුවක් එක්ක හබලක් දිලා මෙහෙම පැදපන් කිවුවාම හරි විදියට හබල් ගහල ඉලක්කෙට යන්න පුලුවන් කෙනා ජීවිතය දිනනවා. හරි පාර තෝරගෙන යන්න පුලුවන් කෙනාට බෝට්ටුව හොඳ ද නරක ද කියන එක වැදගත් වෙන්නෙ නෑ. මොකද එයාට වුවමනාව තියෙනව එයගෙ ඉලක්කය සපුර ගන්න.

ඒ නිසා ගුරා දුන්න අබලන් බෝට්ටුව පිලිසකර කරගෙන හරි ගඟ තරණය කරල එයගෙ ඉලක්කය සපුර ගෙන ජීවිතය එළිය කර ගන්න උත්සහවන්ත නුවනැති ගෝලයෙකුට පුළුවන්.

5/18/2011

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිලිවෙතින් පෙල ගැසුනු අපෙ සිංහල බෞද්ධයෝ

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිසාම මෙවර වෙසක් උත්සවය ලංකාව පුරාම වෙනදටත් වඩා අගේට සමරන්න අපෙ අය වැඩ කටයුතු හදාගෙන තිබුණා. වෙනදට පොසොන් උත්සවය වෙනුවෙන් සංවිධානය වුණු රත්නපුරෙත් මෙවර වෙසක් උත්සවෙ වෙනුවෙන් බොහො පිංකම් සංවිධානය කරල තිබුණා. අතරට දන්සැල්, බැති ගී ගායනා එකතු වෙල තිබුන වගේම මුළු නගරයම බෞද්ධ කොඩි වැල්, වෙසක් කූඩු හා විදුලි බුබුලු වලින් එක ව්දියට ලස්සන වෙල තිබුණා. රෑ බෝ වෙල ගෙදර ආපු අපිට ලස්සන හොදහැටි දැක බලා ගන්න පුලුවන් වුණා.
2600 සම්බුද්ධත්ව ජයන්තියට අන්‍ය ආගමිකයොත් සහ සම්බන්ධ වෙල  වැඩ කල හැටි මට දැනුන විදිය මගෙ බ්ලොග් පොස්ට් 1කින්(කිතුනු අපෙන් කෝපි දන්සැලක්-Thoughts) මම කිවුවනේ.  ඒ වගෙ වෙලවක බෞද්ධයො වෙච්ච අපි වෙනුවෙන් අර්ථාන්විත දෙයක් නොකර ඉන්න එක, අඩුම ගානේ හරි ව්දියට හැසිරෙන එකවත් නොකරන එක එච්චරම හොඳ දෙයක් වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිලිවෙතින් පෙල ගැසෙන අපෙ සිංහල බෞද්ධයෝ අරක්කු සිගරට් එක්ක මෙවර වෙසක් උත්සවය සමරනවා කියන එක දකින්න විදින්න වුනු එක ඇත්තටම දුකක්.
බොහො දෙනා හරිම ආසාවෙන් එකතු වෙලා පිං කැමැත්තෙන් දන්සැල් දෙනකොට, කූඩු හදල තොරණ් බැදල මුලු රටම එකම වෙසක් සැණකෙලියක් කරන්න උත්සහ කරනකොට 1ක් 2ක් වගෙ සුළු පිරිසක් මෙහෙම හැසිරෙන බව ගනන් ගන්න ඔනෙ නෑ කියල හිතෙන්නත් පුලුවන්. වුනත් සුදු පාටට ඇදල පන්සලෙ මිදුලටම ඇවිල්ල මලක් පහනක් පූජ කරන එක වෙනුවට පන්සල් බිමේ නවත්තල තියෙන වාහනෙ ඉදන් සිගරට් 1ක් උරන්න පටන් ගත්ත අපෙ සිංහලයෙක් ගැන මට අති වුනේ මහ අප්‍රසන්න හැගීමක්.
කොහොම වුනත් අපෙ සිංහල බෞද්ධයො මෙවර වෙසක් මංගල්‍ය මහ ඉහලින් සැමරුව කියන එක නම් බොරුවක් නෙවෙයි. පන්සල් වල එක රැස් වුනු සිල් ඇත්තොයි, පාරවල් වල දන්සැල් දුන්න වගෙම ගෙවල් දොරවල් මගතොට වෙසක් අසිරියෙන් කල එලි කල පිං ඇත්තොයි අසිරිය විඳින්න දකින්න ගිය සිත් ඇත්තොයි ඒකට සාක්ෂි දරනවා ඇති.

කිතුනු අපෙන් කෝපි දන්සැලක්

මේ බ්ලොග් පෝස්ට් 1 ලියන්න මුල් වූ හේතුව ගැන කතා කරමුකෝ. මේ පාර වෙසක් එකට අපි නුවර ගියා දළදා වඳින්න. රත්නපුරෙ ඉදන් අවිස්සවෙල්ලට යන අතර ටික දුරට අපිට දන්සැල් 30ක් 40ක් දකින්න ලැබුණා. 90%කටත් වඩා තිබුන බත් දන්සැල් අතර මගේ හිත ඈතට, කියන්නෙ මගෙ ඉස්කොලෙ කාලෙට ගෙනියන්න 1 දන්සැලක තිබුන බැනර් 1කට පුලුවන් වුණා. "කිතුනු අපෙන් කෝපි දන්සැලක්". 2600 සම්බුද්ධත්ව ජයන්තිය මුළු රටම 1 විදියට සමරද්දි එයලගෙ දායකත්වයත් දෙන්න ඕනෙ කියල එයාලට හිතෙන්න ඇති.
මට මේකත් එක්ක මතක් වුණෙ අපි ඉස්කොලෙ 8 වසරෙ ඉන්න කලෙ තිබුණ ශීල ව්‍යාපරයක්. අපෙ පන්තියෙ තමයි මුස්ලිම් හා ක්‍රිස්තියනි යාලුවෝ ටිකත් හිටියේ. එදා දවස එයල හරිම නිදහසෙ ඉන්න තිබුන දවසක්, ඉස්කොලෙ උගන්වන්නෙත් නෑනෙ. අපිත් එක්ක හිටිය එයලට එදා හිතුව තරම් නිදහසක් තිබුනෙ නෑ. අපෙ ශීල ව්‍යාපරයත් එක්ක. සිල් ඇත්තන්ට දන් පිලිගන්වන එක වගේ දේවල් එයාල කලේ බොහොම සතුටින්.
මේ හැමදෙයකටම වඩා වැදගත් සිද්ධිය තමයි අපිත් එක්ක සිල් ගන්න එදා මුස්ලිම් යලුවෙකුත් එකතු වෙල හිටිය එක. එයා එදා දවසම අපි වගෙම බෞද්ධයෙක් ව්දියට බන අහුවා, සිල් රැක්කා. සිද්ධිය  මගෙ හිතට මෙච්චරටම කාවැදිලා තිබුන බව මට තේරුනෙ මේ දන්සැල නිසා.
කොහොම වුනත් ඉස්කොලෙදි අපිට මේ වගෙ දේවල් හරිම සුලබයි. පිරිත් පිංකමක් තිබුනත් ආගම මොකක්ද කියල බලන්නෙ නැතුව අපි හමෝම නිදිමරාගෙන පිරිත් ඇහුවා. නත්තලට හැමෝම එකතු වෙලා උත්සව තිබ්බා. මුස්ලිම් උත්සවත් අපි හැමෝම එකතු වෙල සැමරුවා. හින්දු උත්සව වලට මුළු ඉස්කොලෙටම අයට සහභාගී වෙන්න තිබුන අවස්ථාව ට්කක් අඩුයි. මොකද ප්‍රාථමික අංශයෙ ව්තරයි හින්දු ආගම අදහන ළමයි හිටියෙ. ඒ කොහොම වුනත් ඒ හැම අවස්ථාවකටම කොහොම හරි සම්බන්ධ වෙන්න අපි වාසනවන්ත වුණා කියල කියන්නෙ හරිම සන්තෝසයෙන්.