මම ගැන

12/18/2010

ජීවිතය.....


ජීවිතයත් හරියට ක්‍රිකට් තරඟයක් වගේ.
හය හතර පහර ගසමින් උද්දාමයට පත්වෙන අවස්ථා වගේම
බිංදුවටම දැවී ගිහින් දුක්වෙන අවස්ථාත් අපමණයි.
ඒ වගෙ සිද්ධියක් අපි අපිට වුණ දෙයක් විදියට හිතුවට
අපි ආදරය කරන, අපිට ආදරය කරන අයට
අපිට වඩා එහි බලපෑම දැනෙන්න පුඵවන්,
හිතට එකඟව ඇත්තම කිවුවොත්, ඒ බලපෑම හොඳට දැනෙනවා.


තමන් වෙතට ආව පන්දුව අතේ තියන පිත්ත මඟහැර ගියොත්
හිතට නැගෙන බය කොච්චරද?
පන්දුව පිත්තේ පතිත කරගැනීමට හදිස්සියෙන්
සීමාව පසුකර සිටි ඔබව මඟහැර
පන්දුව කඩුඵ රකින්නා අතට ගිහින්
ඔහු කඩුල්ල බිඳ දැමුවොත්,
නැත්නම්...
ඔබ මඟහැර පන්දුව පිටුපස ඇති ඉනි තුන මුණගැසුනොත්,
ඔබට ඉතිරි වෙන්නෙ දුක පිරුණු අත්දැකීමක් විතරමයි.


ඒ වගේම...
අහම්බෙන් හරි,
කඩුල්ලත් ඒ පිටුපස සිටිනවුනුත් මඟහැර
පන්දුව හතරේ සීමාව වෙතටම ගියොත්,
ඇතිවන සතුටත් අප්‍රමාණයි...


නමුත් ඒ වගේ අවධානමකින් සතුටක් ලැබන්න සිතීමවත්
සැබෑ ජීවිතයේදි නම් එතරම් නුවණට හුරු නෑ...


පන්දුව පිත්තේ පතිත කරගත්තත්
එය බිම නොවැදීම තවෙකකුගෙ අතට ගියොත්,
ඔබට උරුම වෙන්නෙ දුක විතරමයි.
බිම නොවැදීම හතරේ සීමාව පසුකර යවන්න පුඵවන්නම්
සතුට පිරුණු ජයක් අපිට උරුම වෙනවා...


ඉක්මණ කොටයි වගේම  පමාවත් පසුතැවීමට හේතුවක්නෙ.
ඒ නිසා,
වෙලාවට කලාවට නිසි එල්ලයක් තියාගෙන
කිසිවක් අත්නොහැර, අන්යන්ව දුකට නොදමා 
අපි අපෙ ජීවිතේ ඉලක්ක සපුරාගන්න උත්සහ කලොත්,
ජයග්‍රහණ හොයමින් හති වැටෙන්න ඕනි නෑ,
ජයග්‍රහණ ඔබ හොයමින් ඔබ පසුපස ඒවි...


එහෙම වුණොත්...
ජයග්‍රාහී ජීවිතයක් ඇතිව,
අපිත්, අපි ආදරය කරන අපිට ආදරය කරන අයත්
හැමදාම සතුටෙන් ඉඳීවී...

12/17/2010

Miss My Loving School Pals.....

They have really true friendship with love
They are with me in my :) and :(
They have no conditions for my friendship
I thought everyone is like them, but I'm wrong
Some people that we met in life will never be a real friend
Those strangers should be strangers forever
I miss my school pals a lot................